කලාභුමියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීම


Temporary Suspension of Academic Activities

2020.10.05



 
 


COVID-19 වසංගත උවදුර ආශ්‍රිතව උද්ගත වී ඇති නවතම තත්ත්වය මත පාසල් සිසුන් සඳහා වන අමතර පන්ති නොපවත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කොට තිබේ.



අප නිකේතනය විසින් පවත්වන පාසල් විෂය නිර්දේශ පන්ති මෙම කාණ්ඩයට අයත් වේ. අප පවත්වන අනෙකුත් පන්ති සඳහා ද පාසල් සිසුහු සැලකියයුතු සංඛ්‍යාවක් සහභාගී වෙති.



මේ කරුණු සැලකිල්ලට ගෙන අප නිකේතනය විසින් පවත්වන සියලු පන්ති තාවකාලිකව අත්හිටුවීමට අපි තීරණය කළෙමු. ඔබ දරුවන් නැවත දන්වන තුරු අප නිකේතනය වෙත නොඑවන ලෙස දෙමාපියන් වෙත දන්වා සිටිනු ලැබේ.



අදාළ බලධාරීන් ගේ අවසරය ලත් විගස අපි නැවතත් අපගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව දන්වා සිටින අතර මේ අනුසාරයෙන් ඔබට ඇතිවන අපහසුතාවය පිලිබඳ කනගාටු වෙමු.



ඉක්මනින් නැවත හමු වන තුරු සියලු සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රවේශමෙන් එදිනෙදා කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටිමු.




<පිටුව මුදුනට

Due to the latest status of the COVID-19 pandemic, health authorities have ruled not to conduct tuition classes for school children.


The school syllabus classes that are conducted by our academy fall into this category. Moreover, a considerable number of school children attend our other classes as well.


Taking this into consideration, we decided to suspend all classes conducted by our academy. We hereby inform parents not to send your children to our academy until further notice.


We shall resume our academic activities as soon as it is permitted by the relevant authorities. We regret the inconvenience caused to you in this regard.


Until we meet again soon, we kindly request you to follow all preventive health measures and attend to your day to day matters with care.



 

 

All rights reserved ©