භෞතික පන්ති නැවතත් ... ...


Physical classes resumed ...

2022.12.26



 
  
 

_____________________________________

කලාභුමියේ භෞතික පන්ති නැවත ආරම්භ කිරීම


වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා තිබූ සීමාකිරීම් වලට අනුගත වෙමින් තාවකාලිකව අත්හිටුවා තිබුණු කලාභුමියේ සියලු භෞතික පන්ති මේ වනවිට නැවතත් ආරම්භ කර තිබේ.

භෞතික පන්ති නොපැවැත්වුණු කාල වකවානුව තුල මාර්ගගත තාක්ෂණය උපයෝගී කරගනිමින් පන්ති පවත්වන ලද අතර එමගින් විභාග වලට ඉදිරිපත් වන සිසුන් ට අදාළ විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය කිරීමට සියලුම ගුරුවරු සමත් වූහ. එහිදී සිසුන් සහ දෙමාපියන් වෙතින් පළවුනු සහයෝගය මැනවින් ප්‍රයෝජනවත් විය.

භෞතික පන්ති පැවැත්වීම සඳහා සීමාවක් නොපනවා ඇති තත්ත්වය තුලද අවශ්‍ය විටෙක මාර්ගගත තාක්ෂණය යොදාගනිමින් භෞතික පාඩම් අනුපූරණය කිරීම ඉදිරියේදී ද සිදු කෙරෙනු ඇත. එසේ වුවද ප්‍රසාංගික කලා විෂයන් ඉගෙනුම සඳහා සුදුසු ම මාධ්‍යය භෞතික පන්ති බව කලාභුමියේ මතයයි. එබැවින්, කලාභුමිය මාර්ගගත පන්ති සිය ප්‍රධාන ඉගෙනුම් මාධ්‍යය ලෙස යොදා නොගනී.

_____________________________________

Resumption of Physical Classes at Kalabhumi



Conduction of physical classes at Kalabhumi which were temporarily suspended due to restrictions imposed ny health authorities over the pandamic, have resumed now.

During the time physical classes were not conducted, lessons were delivered using online technology and as a result all teachesrs were able to cover the syllabuses for students preparing to sit for exams. The support received from students and their patrents was a trenemdous asset in this regard.


Even under the situation where physical classes are not restricted, online classes will be used to supplement the physical classes as and when necessary. However Kalabhumi holds the view that performing arts subjects are best leant through physicsl classes. Therefore Kalabhumi will not make online learning its main delivery mode.

 

All rights reserved ©