Kalabhumi Newsfeed

 

 

 

 

කලාභූමි වෙබ් අඩවිය නව මුහුණුවරකින්

Kalabhumi Website gets a facelift

 

2020.08.28

 

 

 

      

 

කලාභූමිය නව නිවහනක වැඩ ඇරඹීමට සමගාමීව කලාභූමියේ වෙබ් අඩවිය ද නවීකරණය ට ලක් කොට තිබේ.

කලාභූමිය පිලිබඳ තොරතුරු ලෝකය වෙත ඉක්මනින් රැගෙන යාමටත් අඩවියට පිවිසෙන්නන් ට පහසුවෙන් 'කලාභූමිය' හා සම්බන්ධ වීමට හැකි වන ලෙසටත් මෙම නව මුහුණුවර සකසා ඇත. එමෙන්ම වෙබ් අඩවියේ පලවන තොරතුරු සැමවිටම යාවත්කාලින තත්ත්වයෙන් පවත්වා ගැනීමට ද වැඩ පිළිවෙලක් සකස් කොට තිබේ.

මුලින් ම කලාභුමිය සඳහා වෙබ් අඩවියක් ඉදිකෙරුනේ වසර 2012 දී ය. ඒ කලාභූමියේ හිතවතුන් වන නලීන් ගුණවර්ධන සහ ගංගා හෙට්ටිවත්තගේ යුවල විසිනි. අඩවිය යාවත්කාලීන කිරීමේ ගැටළු නිසා 2015 වසරේ දී එය තාවකාලිකව ඉවත් කෙරුණු අතර 2018 වසරේ පැවැත්වුණු පියනැගුම ප්‍රසංගය අලළා එය නැවත ස්ථාපිත කිරීමට කලාභූමියේ ආදී සිසුවියක වන නිශානි අනුෂිකා සහ අනුරාධ රත්නවීර යුවල ගේ දායකත්වය ඉවහල් විය. වෙබ් අඩවිය නවීකරණය වන මේ අවස්ථාවේ ඒ සියලු දෙනා ව කලාභුමිය විසින් කෘතඥ පූර්වකව සිහි කරනු ලැබේ.

 

Concurrent with the shifting of 'Kalabhumi' to a new location, the 'Kalabhumi website has also been upgraded.

Several new features have been added to enable the prompt publication of information related to 'Kalabhumi' to the entire world and for visitors to connect with "kalabhumi' easily.

A website for Kalabhoomi was first constructed by Kalabhumi wellwishers Nalin Goonawardane and Ganga Hettiwaththage duo. in 2012. The site was temporarily parked in 2015 due to updating issues and on account of the Piyaneguma concert in 2018, it was re-established with the contributions of Kalabhumi alumnus Nishani Anushika and Anuradha Ratnaweera duo. Kalabhumi gratefully recalls all of them on this occasion of the website being upgraded.